1. උනන්දුවක් දක්වන පාර්ශ්වයට අදාළ සංචාරක බංගලාව පුරප්පාඩු වී තිබේද නැද්ද යන මූලික තොරතුරු එවැනි දිනයක/දිනවල +94 773 782 168 අමතා පැය 24ක් තුළ ලබා ගත හැක.
2. ඉන්පසු පාරිභෝගිකයා විසින් සියලුම විස්තර, (පුද්ගලයින් සංඛ්‍යාව, වෙන්කරවා ගැනීමට දින ආදිය) සඳහන් කරමින් සාමාන්‍යාධිකාරී සහ පරිපාලන කළමනාකරු වෙත ලිපියක් එදිනම හෝ දින 3ක් ඇතුළත පහත සඳහන් අංක වෙත ෆැක්ස් මගින් එවිය යුතුය. ෆැක්ස් අංක +94 112 502 693
3. එවිට අදාළ බංගලාව අදාළ පාර්ශවයට වෙන් කරනු ලැබේ. ඉන් පසු 15% වැට් බද්ද සමඟ සම්පූර්ණ ගෙවීම පාරිභෝගිකයා විසින් මුදල් මගින් පමණක් වෙන්කරවා ගත් දින සිට සතියකට පෙර ප්‍රධාන කාර්යාලයට ගෙවිය යුතුය.
4. ගෙවීම් කළ දිනයේම මණ්ඩලයේ මුදල් කුවිතාන්සිය සමඟ වෙන් කිරීම තහවුරු කරන ලිපියක් පාරිභෝගිකයාට නිකුත් කරනු ලැබේ.
5. NLDB වෙනුවෙන් කිසියම් හදිසි අවශ්‍යතාවයක් සිදුවුවහොත්, මුදල් පාරිභෝගිකයාට ආපසු ගෙවනු ලැබේ.